දේශීයව්‍යාපාරික

ජනපති නියමයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම්

(UTV | කොළඹ) – වසර 8 ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් සිදුකර නොමැති බවත්, පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය සහ බීජ නිෂ්පාදනය මෙන්ම උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැස්ම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

ඉහළ තාක්ෂණය යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදාදී ඉලක්කය ජය ගැනීමටත් වෙනත් ආදේශක අල වර්ග, පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමට හැකි බවද ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවට එක්වෙමින් සඳහන්කර සිටියේය.

Related posts

අල්ලස් චෝදනා ලැබූ ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ට ඇප නැහැ.

Editor O

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment