දේශීය

ලබන සඳුදාට නව දුම්රිය ගාස්තු සංශෝධනයක්

(UTV | කොළඹ) – නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියවල සහ දුර ගමන් විශේෂ දුම්රියන්වල කලින් ආසන වෙන් කිරීමේදී අය කළ ගාස්තුව සියයට හැටකින් ඉහළ දමා ඇතැයි දුම්රිය බලධාරීහු ඊයේ (මාර්තු 24) පෙරවරුවේ නිවේදනය කළ නමුත් ඊට පැය කිහිපයකට පසු ප්‍රවාහන ඇමතිවරයා එම ගාස්තු ඉහළ දැමීම වහා ම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළේ ය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර සියයට පනහත් හැටත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ අතර එයට දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් සිය විරුද්ධත්වය පළ කර තිබිණි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට මගීන් වැඩි වශයෙන් යොමු වී තිබූ අතර එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවෙහි ආදායම ඉහළ ගොස් ඇති බව එම වෘත්තීය සමිති පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් ලබන සඳුදා වන විට නව දුම්රිය ගාස්තු සංශෝධනයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඉන්ධන මිලට සාපේක්ෂව පමණක් ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කරන බවත් ප්‍රවාහන ඇමතිවරයා සඳහන් කළේ ය.

Related posts

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

Mohamed Dilsad

නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්

Mohamed Dilsad

හෙටත් දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

Leave a Comment