දේශීය

අදත් දිවයිනේ කලාප 8කට විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේත් දිවයිනේ කලාප 08කට පැය 06කට අධික විදුලි කප්පාදුවක් සිදු කිරිම සදහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවසර ලබාදී තිබේ.

ඒ අනුව P සිට W දක්වා වූ කලාප 08 සදහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04යි මිනිත්තු 30ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරිමට නියමිතය.

ඊට අමතරව A සිට L දක්වා වූ කලාප 12 සදහා අද දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට සැලසුම් කර තිබේ. ඒ අනුව අදාල කලාප වලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රදේශයට විදුලි කප්පාදුව සිදුකෙරෙන වෙලාව මෙතැනින්

Related posts

අලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

Editor O

නිවසට ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

යල කන්නයේ වී මිලදී ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment