Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වේ.

ඒ පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙනි.

හෙට පෙරවරුවේ කොළඹ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වන බව වාර්තාවේ.

පසුගිය 09වනදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වු අතර නායකයන් තිදෙනා රැස්ව අවසන් තීරණයක් ගැනීමට එහිදි එකඟතාව පළ වී තිබුණි.

ඒ අනුව හෙට එම සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related posts

2330 பேர் டெங்கு நோயினால் பாதிப்பு

Mohamed Dilsad

பிரபல பாலிவுட் நடிகர் படப்பிடிப்பில் குண்டு வெடிப்பு

Mohamed Dilsad

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට චීනයෙන් “එන්නත් රාජෝපායන්” – සිවිල් සමාජ ක්‍රියාකාරීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment