දේශීය

කබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි තමන් දැනුම් දි ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා මුලුමණින්ම අසත්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රට වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අභියෝගවලට මුහුණදීමේදි මහ බැංකු අධිපතිවරයා කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබා ඇති බව ජනාධිපතිවරයා දන්වා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බවත් මෙම නිවේදනයේ සඳහන්.

මහ බැංකු අධිපතිවරයාද සහභාගී වූ එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණේ මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ.

මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හමුවේ අධෛර්යමත් නොවන්නැයි තමන් මහ බැංකු අධිපතිවරයාට පුද්ගලිකවම දන්වා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා සිටිනවා.

රට සංවර්ධනයට සහ ස්ථාවරත්වයක් කරා ගෙනයාමේදී ඔහුගේ කාර්යභාරය තවදුරටත් සිදුකරගෙන යන ලෙසයි ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.

Related posts

අසාමාන්‍ය අයුරින් භාණ්ඩ මිල ඉහළ දැමීමට අවස්ථාවක් නැහැ

Mohamed Dilsad

රඹුක්කන සිද්ධිය : විමර්ශනයට IGP ඇතුලු පිරිසක් අද මානව හිමිකම් කොමිසමට

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 6000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment