දේශීය

මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට

(UTV | කොළඹ) – මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට ප්‍රථම වරට නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඊයේ (15දා) පියවර ගන්නා ලදී.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව අලුත් රටට – අලුත් බෙහෙත් යන සංකල්පය යටතේ නිෂ්පාදිත මෙම සේලයින් කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම විසින් මෙරටදී නිෂ්පාදනය කරනු ලබන මෙම සේලයින්හි පූර්ණ හිමිකම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට හිමිව ඇත.

ඒ අනුව එම සංස්ථාව විසින් වරලත් අලෙවි නියෝජිතයන් හරහා මෙම නිෂ්පාදිතය දේශීය වෙළෙඳපොළට නිකුත් කරනු ලැබේ.

Related posts

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට නොතීසි

Editor O

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

Mohamed Dilsad

Leave a Comment