දේශීය

ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට සංඝරත්නය සමග අත්වැල් බැදගන්න

(UTV | කොළඹ) – වර්තමාන රජය බලයෙන් පහ කිරීම සදහා මහා සංඝරත්නය සමග අත්වැල්බැද ගන්නැයි ආණ්ඩුව බලයට ගෙනඒමට පෙරමුණගෙන කටයුතු කල පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ජනතාවට ආරාධනා කරනවා.

ආණ්ඩුව දිගින් දිගටම ගනු ලබන වැරදි තීන්දු තීරණ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ අවධාරණය කරන්නේ එම වැරදි අඩුපාඩු නිවැරැදි කර ගැනීම සදහාද ආණ්ඩුවේ සාමාජිකයන්ට කිසිදු උවමනාවක් නොමැති බවයි.

ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර ටික කාලයක් සදහා රාජ්‍ය පාලන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටින ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන්ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී ඉල්ලීමක් සිදුකලා.

ඇතැම් දේශපාලන පක්ෂ අද දිනයේදී කොළඹදී සංවිධානය කර ඇති විරෝධතා සම්බන්ධයෙන්ද උන්වහස්සේගේ අවධානය යොමු වුණා.

Related posts

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා රේගු සංකේතාංක හඳුන්වාදෙයි

Mohamed Dilsad

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment