දේශීය

ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට සංඝරත්නය සමග අත්වැල් බැදගන්න

(UTV | කොළඹ) – වර්තමාන රජය බලයෙන් පහ කිරීම සදහා මහා සංඝරත්නය සමග අත්වැල්බැද ගන්නැයි ආණ්ඩුව බලයට ගෙනඒමට පෙරමුණගෙන කටයුතු කල පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ජනතාවට ආරාධනා කරනවා.

ආණ්ඩුව දිගින් දිගටම ගනු ලබන වැරදි තීන්දු තීරණ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ අවධාරණය කරන්නේ එම වැරදි අඩුපාඩු නිවැරැදි කර ගැනීම සදහාද ආණ්ඩුවේ සාමාජිකයන්ට කිසිදු උවමනාවක් නොමැති බවයි.

ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර ටික කාලයක් සදහා රාජ්‍ය පාලන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටින ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන්ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී ඉල්ලීමක් සිදුකලා.

ඇතැම් දේශපාලන පක්ෂ අද දිනයේදී කොළඹදී සංවිධානය කර ඇති විරෝධතා සම්බන්ධයෙන්ද උන්වහස්සේගේ අවධානය යොමු වුණා.

Related posts

අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්

Editor O

අදත් කොළඹ හිරවෙයි ද ?

Mohamed Dilsad

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment