දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ.

 

විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 

පුද්ගල වෙ‍ෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමකදී මිනිස් වෙළෙඳාම හා සම්බන්ධ නීති රීති තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

 

ඒ අනුව, මිනිස් වෙළෙඳාම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්ගත කරනු ලබන ක්‍රීයාවලියක් හරහා දත්ත පද්ධතියක් වෙත එම තොරතුරු ගොනු කිරීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

 

ඊට අමතරව විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සඳහා නව නීති රීති ඇතුළත් කර නව සංශෝධනයන් සිදුකිරීමට අදාළ යෝජනා රැසක් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කළ බවද එම කාර්යංශය වැඩිදුරටත් පැවසීය.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ලපයි – සිපයි කිව්වේ කාටද….? පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක්

Editor O

පූගොඩ හිටපු ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment