දේශීය

රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි

(UTV | කොළඹ) – සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව, කරුණු සලකා බැලීම සඳහා ලබන මාර්තු මස 24 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒස්. තුරෙයිරාජා, සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (09) සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව පණවා තිබූ දෙවැනි නඩුව මෙය වෙයි.

Related posts

කොළඹට පැය 12ක කාලයක් ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

Mohamed Dilsad

කටුනායක අවට අයහපත් කාලගුණයෙන් ගුවන්ගමන්වලට බාධා

Mohamed Dilsad

Leave a Comment