දේශීය

“ඉදිරි මැතිවරණ වලදී සන්ධාන බැහැ” – SLFP

(UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ සංවිධායක හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසු පක්ෂයේ ජ්‍යෙශ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සදහන් කළා.

Related posts

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

Mohamed Dilsad

වාහන බදුවලින් භාණ්ඩාගාරය පිරී ඉතිරී යයි

Editor O

ලංවීම සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

Editor O

Leave a Comment