දේශීය

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

(UTV | කොළඹ) – නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ කලින් හෙබ වූ පදවිය;

01. ඒ.ජී. අළුත්ගේ මහතා – දිසා විනිසුරු

02. ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා මහතා – දිසා විනිසුරු

03. ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග මහතා – මහේස්ත්‍රාත්

04. ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා – දිසා විනිසුරු

05. එම්. ප්‍රභාත් රණසිංහ මහතා – දිසා විනිසුරු

06. ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා – ප්‍රධාන මහේස්ත්‍රාත්

07. ආර්. වැලිවත්ත මහතා -දිසා විනිසුරු

08. ජී.එල්. ප්‍රියන්ත මහතා -මහේස්ත්‍රාත්

09. ඒ. නිශාන්ත පීරිස් මහතා – දිසා විනිසුරු

10. එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා – දිසා විනිසුරු

11. එල්.චමත් මදනායක මහතා – දිසා විනිසුරු

12. වී.එම්. වීරසූරිය මහතා – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

13. එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතා – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ. අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා විනිසුරුවරුන් සමග සඳහන් කළේය.

Related posts

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ට එරෙහිව පැමිණිලි 100ක්

Editor O

මෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළට

Mohamed Dilsad

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අතර ද්විපාර්ශවීය සාකච්ඡා අරඹයි

Mohamed Dilsad

Leave a Comment