දේශීය

විශ්ව විද්‍යාල ආරම්භය ගැන දැනුම්දීමක්

(UTV | කොළඹ) – මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම ආරම්භකරන දිනයක් සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව දැනුම් දිය නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.

විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් නේවාසිකාගාරවල රැදී සිටිමින් අධ්‍යාපන ලැබීම හේතුවෙන් කොවිඩ් පැතිරීමේ අවදානම ඉහළ යාම ඊට හේතුව බවයි කොමිසද දැනුම් දෙන්නේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සියයට 50 ධාරිතාව යටතේ විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වීම තවදුරටත් පවත්වාගෙන යන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ.

Related posts

වැඩබලන පොලිස්පතිට නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ පරීක්ෂාවක්

Editor O

කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක විරෝධය

Editor O

Leave a Comment