විදෙස්

යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර

(UTV | යුක්රේනය) – යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය තවදුරටත් උත්සන්න වන හෙයින්, ලොව පුරා රටවල් කිහිපයක් ‘කියෙව්’ වෙත හමුදා ආධාර යවමින් සිටිනවා.

විශේෂයෙන් රුසියානු – යුක්රේන යුද්ධයේ දී මධ්‍යස්ථ නො බැඳි පිළිවෙතක් අනුගමනය කරන ස්වීඩනය ඇතුළු බොහෝ රටවල්, යුක්රේනයට හමුදා ආධාර යැවීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට ම මේ දක්වා ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 350කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විශ්වාස කරන පරිදි අවම වශයෙන් පුද්ගලයින් 368,000ක් පමණ යුක්රේන වැසියන්, අසල්වැසි රටවලට, පලා ගොස් තිබෙනවා.

ඉන් බොහෝ පිරිසක් පලා ගොස් ඇත්තේ, පෝලන්තයට යි.

Related posts

ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක සිසුන්ට මැර ප්‍රහාරයක්

Mohamed Dilsad

මැලේසියාවේ මහතීර් මොහොමඩ් මැතිවරණයට සූදානම් වෙයි

Mohamed Dilsad

වැඩිම ප්‍රතිශතයකට කොරෝනා එන්නත දුන් රට බවට ඊශ්‍රායලය පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment