දේශීය

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

(UTV | කොළඹ) – ඉදිරි මාස 3ක කාලය සඳහා ප්‍රමාණවත් ඖෂධ තොග රජයේ රෝහල් සතු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, පෞද්ගලික අංශයට ඖෂධ ගෙන්වීමේදී මතුව ඇති ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බවයි.

මේ අතර, පැරසිටමෝල් ඖෂධය නිෂ්පාදනය වේගවත් කරන්නැයි අදාළ සමාගම් වෙත උපදෙස් දී තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, පැතිර යන රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන්, පැරසිටමෝල් ඉල්ලුම් ඉහළ ගොස් ඇති බවයි.

පැරසිටමෝල් තොග වශයෙන් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද, ඔහු පවසයි.

Related posts

මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා රෝගීන් 9 ක් සුව අතට

Mohamed Dilsad

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

Mohamed Dilsad

බන්ධනාගාරවල CCTV සවි කිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment