විදෙස්

අපි ආයුධ බිම තබන්නේ නෑ – යුක්රේන ජනපතිි

(UTV | යුක්රේනය) – රුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි.

යුක්රේනයේ කිිව් අගනුවර සිට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“ආයුධ බිම තබන ලෙස මම අපේ හමුදාවෙන් ඉල්ලා සිටින බවටත්, හමුදාව ඉවත් කරන බවටත් අන්තර්ජාලයේ බොහෝ ව්‍යාජ තොරතුරු පළවෙනවා. මම මෙතන ඉන්නවා. අපි ආයුධ තියන්නේ නැහැ. අපි අපේ රාජ්‍යය ආරක්ෂා කරනවා” යැයි ඔහු පවසයි.

මේ අතර ප්‍රංශය විසන් යුක්රේනයට අවශ්‍ය අවිි ආයුධ ලබාදීමට එකඟ ව ඇති බවද සඳහන් කරන යුක්රේන ජනපතිවරයා යුධ විරෝධී පෙරමුණ එක්වෙමින් සිටිින බවද පැවැසීය.

Related posts

උපකාරක පන්තියක ඇතිවූ ගින්නකින් ඉන්දියාවේ සිසුන් දහනව දෙනෙකු මරුට

Mohamed Dilsad

බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයි

Mohamed Dilsad

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment