විදෙස්

බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයි

(උදයම්,ඉන්දියාව) – බිලි පූජාවක් වෙනුවෙන් කුඩා දැරියක් ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තාවේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 10කදැරියකි.එය බිලි පූජාව සිදුකළ ඇදුරාගේ උපදෙස් මත සිදු කර ඇති බවද හෙළිව තිබේ.

ආඝාතය රෝගියෙකු සුවපත් කිරීමට මෙලෙස බිලි පුජාව සිදුකර ඇත.මෙම  රෝගියාගේ සහෝදරයෙකු සහ සහෝදරියක විසින් මෙම දැරිය ඝාතනය කිරීම සඳහා පැහැරගෙනවිත් තිබේ.

ඔවුන් මේ වන විට ඝාතන චෝදනා සම්බධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.ඝාතනය කර තිබූ දැරියගේ මළසිරුර මල්ලක දමා තිබියදී එය දුටු පුද්ගලයෙකු පොලිසියට දැනුම් දී ඇත.ඒ අනුව සිදුකළ පරීක්ෂණ වලදී මේ බව අනාවරණ විය.

Related posts

හොංකොංහි උදර්පණ නීතිය ඉවතට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු රජයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment