දේශීය

මුදල් ඇමති – මහා භාණ්ඩාගාර ලේකම් ඉන්දියාවට

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විදෙස් සංචාරයක නිරත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ එළඹෙන සිකුරාදා (25) දින ඉන්දියාවටයි.

එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුද සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගනිමින් සාකච්ඡා සිදු කෙරෙන අතර, ඊට ඉන්දියාව ලබාදෙන සහාය පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා වනු ඇති.

මේ වනවිට ශ්‍රී ලංකාව රටක් ලෙස දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ පා ඇති අතර, එහි ප්‍රධානතම අභියෝග වන්නේ ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය විසඳා ගැනීම උදෙසා රට තුළට ඩොලර් ගලා ඒම යළි සක්‍රීය තත්ත්වයට පත් කරගැනීමයි.

එය මේ වනවිට සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් උපයන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින විශාලතම ආර්ථික අභියෝගය ද වනවා.

Related posts

දිවයිනේ සියලුම පාසල් නොවැම්බර් මස 08 වන දින ඇරඹේ

Mohamed Dilsad

රට ඉදිරියට ගෙනයාමට විද්වතුන්ගේ සහාය අවශ්‍යයයි – ජනාධිපති

Editor O

තද වැසි ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment