ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක්

(UTV |  සිඩ්නි) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 9කට ලකුණු 149ක් රැස් කර ගත්තා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කර ගත්තේ බෙන් මක්ඩොමට්.

ඔහු පන්දු 41ක දී ලකුණු 53 ක් ලබා ගත්තා.

මීට අමතරව මාකස් ස්ටෝනික්ස් පන්දු 18 කදී ලකුණු 30 ක් ලබාගත් අතර ජොෂ් ඉංග්ලිෂ් පන්දු 18ක දී ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 38කට කඩුලු 3ක් දවාගත් අතර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න අතරෙ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ළඟදීම ලංකාවට

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය වන්නැයි අර්ජුනට නාමල්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් සංග්‍රාමය කල් යයි

Mohamed Dilsad

Leave a Comment