ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය වන්නැයි අර්ජුනට නාමල්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සදහා සහය වන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කරයි.

මාතරදී මාධ්‍යයට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අතුරු කමිටුවක් පත් කිරීම විසදුමක් නොවන බවයි.

2015 වසරෙන් පසු ක්‍රීඩාව දේශපාලනීකරණය වීම හේතුවෙන් බරපතල හානියක් සිදුවු බවද ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු , ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරින් හා නාමල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේදි ගත් තීරණ හා තීන්දු

  • නව තේරීම් කමිටුවක්
  • තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරඟාවලියක්
  • විනය හා ශාරිරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය
  • දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම
  • ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව අසන්ත ද මෙල් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධූරයෙන් ඉවත් වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.

 

Related posts

කොදෙව්වන්ට ලකුණු 308ක ඉලක්කයක්

Mohamed Dilsad

යුපුන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂයට වඩා වැඩියිලු

Mohamed Dilsad

ලසිත් මාලිංගට ඉදිරි IPL තරඟ කිහිපයක් අහිමි වෙයි..

Mohamed Dilsad

Leave a Comment