දේශීය

අගමැතිගේ අභියෝගය SJB භාරගනී

(UTV | කොළඹ) – කුමණ්ත්‍රන වලින් තොරව ආණ්ඩු බලය ලබාගෙන පෙන්වන්නැයි අග්‍රාමාත්‍යවරයා ඊයේ අනුරාධපුරයේදී සිදුකල අභියෝගය භාරගන්නා බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අවධාරණය කළේ අභියෝගයට මුහුණ දීම සදහා වහාම මැතිවරණයක් පැවැත්වීමට සිය පක්ෂය ආණ්ඩුවට ආරාධනා කරන බවයි.

එමෙන්ම සමගි ජනබලවේගය වටා එක්ව ඇති ජන බලය රජයට පෙන්වීම සදහා ලබන මාසයේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදීම ජන රැළියක් පවත්වන බවද ඔහු අවධාරණය කළා.

Related posts

හිටපු ජනපති යළි දිවයිනට එන්න සූදානම්

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ප්‍රදානයට දින නියම කෙරේ

Mohamed Dilsad

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

Leave a Comment