දේශීය

සෞඛ්‍ය අංශ අද සිට අඛණ්ඩ වර්ජනයක

(UTV | කොළඹ) – හෙද – පරිපූරක වෛද්‍ය – අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද (පෙබ. 7) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ කැඳවුම්කාර කමිටු සාමාජික රවී කුමුදේශ් පැවසීය.

තම ගැටලු සඳහා විසඳුම් අපේක්ෂාවෙන් පසුගිය මාස කිහිපය තුළ විවිධ සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කෙරුණ ද සෞඛ්‍ය අමාත්‍යංශය මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවකට හෝ අවස්ථාවක් ලබාදී නොමැති බවට හෙතෙම චෝදනා කළේ ය.

දිගින් දිගට ම තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අනුගමනය කරන නිහඬ පිළිවෙත හේතුවෙන් මෙසේ දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඔහු කීය.

මේ හේතුවෙන් මෙතෙක් කලක් අනුගමනය කළ සංකේත වෘත්තීය ක්‍රියාමාර්ග අත්හරිමින් හා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග අරඹමින් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතනයන් තුළ ක්‍රියාත්මක කිරීමට තම සංගමයේ විධායක සභාව තීරණය කළ බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

පොහොට්ටුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

Editor O

රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, ජනතාව තේරුම්ගෙන තියෙනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment