දේශීය

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

(UTV | කොළඹ) – නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ යෑමෙන් අනතුරුවය.

“කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉස්ට කරමින් සිටියා. එතුමා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ දී එතුමාට පූර්ණ නිදහස ලැබෙයි කියලා.

ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස් කම වෙනුවෙන්.” යැයි විපක්ෂ නායකතුමා පැවසීය.

Related posts

විපක්ෂයට වඩා, රාජ්‍ය පාලනය පිළිබඳ සුදුසුකම් මට තියෙනවා – මාලිමාවේ ලක්මාලි හේමචන්ද්‍ර

Editor O

ලබන වසරේ සිට ආනයනය කරන ඇඳුම් සඳහා බද්දක්

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව චුට්ටක්වත් බිඳ වැටී නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

Editor O

Leave a Comment