දේශීය

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

(UTV | කොළඹ) – නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ යෑමෙන් අනතුරුවය.

“කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉස්ට කරමින් සිටියා. එතුමා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ දී එතුමාට පූර්ණ නිදහස ලැබෙයි කියලා.

ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස් කම වෙනුවෙන්.” යැයි විපක්ෂ නායකතුමා පැවසීය.

Related posts

අයහපත් කාලගුණයෙන් රට පුරා ආපදා තත්ත්වයක් :ජනතාවට සහන සැලසීමට පියවර ගන්න – විපක්ෂ නායක ආණ්ඩුවෙන් ඉල්ලයි

Editor O

මඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

Mohamed Dilsad

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment