දේශීය

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

(UTV | කොළඹ) – නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ යෑමෙන් අනතුරුවය.

“කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉස්ට කරමින් සිටියා. එතුමා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ දී එතුමාට පූර්ණ නිදහස ලැබෙයි කියලා.

ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස් කම වෙනුවෙන්.” යැයි විපක්ෂ නායකතුමා පැවසීය.

Related posts

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන වාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර – වාහන වායු විමෝචන භාරකාර අරමුදල

Editor O

“අගමැති ඉල්ලා අස්වීම හොඳම විසඳුම,තීරණය අගමැති අතේ”

Mohamed Dilsad

පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයින්ගේ නම් හෙළිකරන්න – මුජිබර්ගෙන් ජනාධිපතිට අභියෝගයක්

Editor O

Leave a Comment