දේශීය

නිදහස් දිනය නිමිත්තෙන් සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන්න නියෝග

(UTV | කොළඹ) – 74 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් පෙබරවාරි 04 වනදා වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරනු ලබන ස්ථානද වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා දැනුම් දුන් බවයි.

දිවයින පුරා ඇති සුරාසැල්වලට අමතරව බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබිය යුතු බවද අදාළ නිවේදනයේ සදහන්.

Related posts

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

Mohamed Dilsad

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

Editor O

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment