දේශීය

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක් – සිසුන් 04 කට තුවාල

(UTV | ගම්පහා) – අද අලුයම කිසියම් පිරිසක් කළ පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් තිදෙනෙකු රාගම රෝහලේ සහ එක් අයෙකු මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

රාගම වෛද්‍ය පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් එලෙස පහරකෑමට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක්

Mohamed Dilsad

මාස තුනක විදුලිය කැපීම ගැන තීරණය අද

Mohamed Dilsad

අකුරණ – බේරුවල ප්‍රදේශය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment