දේශීය

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහගේ දේහයට අද පස්වරුවේ සිට අවසන් ගෞරවයට

(UTV | කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහයට අද (28)පස්වරුවේ සිට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දේහය, අද (28) පස්වරුවේ සිට අංක 85, දෙහිවල පාර, පැපිලියාන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර තැබෙන බව ය.

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සලර් ජනරාල්, ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27) රාත්‍රියේ දිවයිනට රැගෙන එන ලදී.

ඒ, තුර්කි ගුවන් සේවයට අයත් යානයකිනි.

හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 17 වැනිදා ඉතාලියේ මිලානෝ නුවර රෝහලකදී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 71 වන වියෙහි පසුවිය.

දශක පහකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය කළ මෙහෙය, ජන හදවත් තුළ සදා රැඳී පවතිනු ඇති.

Related posts

පොර්ට් සිටි පෙත්සම් සළකා බැලීමේ 5 වෙනි දිනය අදයි

Mohamed Dilsad

දයාසිරිට එරෙහිව CEYPETCO නීති මගට

Mohamed Dilsad

සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීම අනවශ්‍යයි[LETTER]

Mohamed Dilsad

Leave a Comment