දේශීය

සිමෙන්ති හිගයක් – හේතුව මාෆියාව

(UTV | කොළඹ) – ගතවූ දින 02 තුළදී සිමෙන්ති මෙට්‍රික් ටොන් 31,200 ක් දිවයිනට ගෙන්වා ඇතත් වෙළඳපොල තුළ තවදුරටත් හිගයක් පැවතීමට හේතුව මාෆියාවක් ක්‍රියාත්මක වීම බවට ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියේ වැඩි මිළට සිමෙන්ති අලෙවි කිරීම වළක්වාලීම සඳහා හැකිතාක් මිළ පාලනය පවත්වාගෙන යන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමගද සාකච්ඡා කර ඇති බවයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කියා සිටියේ.

Related posts

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

Mohamed Dilsad

බත්තරමුල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් [PHOTOS]

Mohamed Dilsad

ජාතික ජන සභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ.

Editor O

Leave a Comment