දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් බස්නාහිර රෝහල්වල වර්ජනයක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව බස්නාහිර පළාතේ සියලු රෝහල්වල එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටලූ සඳහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කල බවයි.

සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් නොදුනහොත් ලබන සතියේ සිට අඛණ්ඩ වර්ජනයකට එළඹෙන බවටද රවී කුමුදේශ් මහතා අනතුරු අගවා සිටියා.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව නිවේදනයක්

Mohamed Dilsad

මහ මැතිවරණය සඳහා කොමිසමට අවසන් මාර්ගෝපදේශ නිකුත් කර නැත

Mohamed Dilsad

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්න

Mohamed Dilsad

Leave a Comment