දේශීය

පැතිර යන තවත් වෛරස් ප්‍රභේදයක් ගැන දැඩි අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) –  කොවිඩ් වෛරසයට අමතරව රට තුළ තවත් වෛරස් උණ රෝගයක් පැතිරයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

මේ අතර ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිර්දේශ 05ක් ඉදිරිපත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව අදාළ නිර්දේශ සකස්කර ඇති බව වාර්තා වේ.

අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ රජයේ බළධාරීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Related posts

මැතිවරණ දිනය ගැන දැන්වීම දිස්ත්‍රික්ක කිහිපයකින් මුද්‍රණාලයට

Mohamed Dilsad

බැංකු වලින් ණය ලබාගෙන ඇති අයට පණිවිඩයක්

Mohamed Dilsad

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

Editor O

Leave a Comment