දේශීය

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

(UTV | කොළඹ) – රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය.

තමා රෝගීව නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර දිනයේදී අධීකරණයට දැනුම් දුන් පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ අධීකරණයේ පෙනී සිටිම සළකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට දින නියම කළේය.

පාඨලී චම්පික රණවක මහතා සමග මෙම නඩුවේ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලීසියේ ස්ථානාධීපතිවරයා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා චෝදනා ලැබ සිටිති.

Related posts

දේශබන්දු නිවසේ නැතිලු

Editor O

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද යළි ජාතික පද්ධතියට

Mohamed Dilsad

පුද්ගලික බස් හිමියන් සහ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment