දේශීයව්‍යාපාරික

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

(UTV | කොළඹ) – ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දමා ඇත්තේ පදනම් අංක 50 කින් ය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5.5 ක්% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6.5 ක් දක්වා ඉහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතය සමග ස්වයංක්‍රීයව ගැලපීමේදී බැංකු පොලී අනුපාතය 9.5 ක්% වනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 ක් % ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාත හා ඉතුරුම් පොලී අනුපාත ඉහළ යනු ඇති.

Related posts

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සුදානම්

Mohamed Dilsad

කටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?

Editor O

මහින්ද මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් අලුත් කරයි

Mohamed Dilsad

Leave a Comment