දේශීය

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සුදානම්

(UTV |කොළඹ ) – ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම අද (25)  සිට සිදු කෙරේ.

ඒ අනුව සියලුම මහජන බැංකු ශාඛාවලින් මෙම ගෙවීම සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ රුපියල් ලක්ෂ හය (600,000/=) බැගින් වූ තැන්පත් මුදල් ගෙවීම දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා හරහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

දළ වශයෙන් 146,000ක් පමණ වූ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් සඳහා දැනට තැන්පත් ආපසු ගෙවීම සිදු කරනු ලබයි.

මීට අමතරව ඊ.ටී. අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 38,000කට සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් පොදු සමාගමේ ගනුදෙනුකරුවන් 9,000කට ද තැන්පත් මුදල් ගෙවීම අද (25)  සිට දිවයිනේ සියලු ම මහජන බැංකු ශාඛා මගින් සිදු කිරීම ආරම්භ කෙරේ.

Related posts

තැපැල් වර්ජනය තව දුරටත්

Editor O

විවාහ උත්සවය ට වෙන්කළ මුදලින් ගමටම ආහාර මලු බෙදූ යුවළක්

Mohamed Dilsad

මධ්‍යම කඳුකරයට අධික මීදුමක්

Editor O

Leave a Comment