දේශීය

විවාහ උත්සවය ට වෙන්කළ මුදලින් ගමටම ආහාර මලු බෙදූ යුවළක්

සිය මංගල උත්සවය සඳහා වැය කිරීමට වෙන්කර තිබූ මුදලින් ආර්ථික අපහසුතා ඇති ජනතාව සඳහා වියළි ආහාර මලු බෙදාදුන් යුවළක් පිළිබඳව මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයෙන් වාර්තා විය.

 

එම යුවළ රුපියල් ලක්ෂ 20ක් පමණ ඒ සඳහා වැයකර තිබුණි.

 

මෙරට සම්භවයක් සහිත ජර්මනියේ පදිංචිව සිටින ස්ටෙෆාන්, විවාහ වී ඇත්තේ ජූලියා නමැති ජර්මන් ජාතික තරුණියක් සමගය.

 

වර්තමානයේ මෙරට ඇති අර්ථික අපහසුතා තේරුම්ගත් ස්ටෙෆාන් සහ ජූලියා සිය විවාහ උත්සවය සඳහා වියදම් කිරීමට වෙන් කර තිබු මුදල මෙලෙස මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ අර්ථික අපහසුතා ඇති පිරිස් වෙනුවෙන් වියදම් කර ඇත.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ස්ටෙෆාන් පැවසුවේ මීට වසර 10කට පෙර සිය සහෝදරයා විවාහ වු අවස්ථාවේ ද මේ ආකාරයෙන්ම ආර්ථික අපහසුතා තිබු ජනතාව වෙනුවෙන් එම මුදල් වියදම් කළ බවය.

 

ස්ටෙෆාන්ගේ පියා ජර්මන් ජාතිකයෙකු වන අතර ඔහු දෙවන ලෝක යුද සමයේ මෙරට රැඳි සිටි හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකි.

 

ඔහු විවාහ වී ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමගිනි.

 

ස්ටෙෆාන්ගේ පවුලේ සාමාජිකයින් විසින් මේ වන විට ජර්මන් තාක්ෂණය උපයෝකර ගනිමින් කෘතීම අත් පා නිර්මාණය කරන ආයතනයක් පවත්වාගෙන යන අතර පසුගිය යුද සමයේ මෙරට ත්‍රිවිධ හමුදාව වෙත කෘතීම ශරීර උපාංග විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

දිවුලපිටියේ සිසුන් 1500ක් නිරෝධායනයේ

Mohamed Dilsad

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment