ක්‍රීඩාදේශීය

භානුක නැවතත් පිටියට

(UTV | කොළඹ) – පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්ව පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පවසන්නේ, භානුකගේ මෙම තීරණය තමන්ට නිල වශ‍යෙන් දැනුම් දුන් බවයි.

ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ව අරලියගහමන්දිරයේ දී මුණ ගැසුණා.

පැය භාගයකට අධික කාලයක් ඵැවති එම හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා භානුක ගත් තීරණය සමබන්ධයෙන් නැවත සළකා බලන ලෙස දෙවැනි වතාවටත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනු යි භානුක මෙලෙස ඔහුගේ තීරණය වෙනස් කර ඇත්තේ.

Related posts

රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් CID විමර්ශන අරඹයි

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

Mohamed Dilsad

ගෑස් මිල වැඩි නොකරන බවට අගමැතිගෙන් සහතිකයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment