ක්‍රීඩාදේශීය

භානුක නැවතත් පිටියට

(UTV | කොළඹ) – පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්ව පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පවසන්නේ, භානුකගේ මෙම තීරණය තමන්ට නිල වශ‍යෙන් දැනුම් දුන් බවයි.

ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ව අරලියගහමන්දිරයේ දී මුණ ගැසුණා.

පැය භාගයකට අධික කාලයක් ඵැවති එම හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා භානුක ගත් තීරණය සමබන්ධයෙන් නැවත සළකා බලන ලෙස දෙවැනි වතාවටත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනු යි භානුක මෙලෙස ඔහුගේ තීරණය වෙනස් කර ඇත්තේ.

Related posts

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

භූතයන් පාලනය කරන පක්ෂයක් ගැන රවී කරුණානායක කියයි.

Editor O

දිවුලපිටියේ සිසුන් 1500ක් නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment