දේශීය

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කෙරෙන, නීති සම්පාදනය කර අවසන්

(UTV | කොළඹ) – පොදු ස්ථානවලට ප්‍රවේශ වීමට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු අවසන් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 550 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

නව ආසාදිතයන් 550 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වූණේ 589,479 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 13002ක් වනවා.

නව මරණ 10ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,065ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, මේ වනවිට මෙරට සියලු ප්‍රදේශවලින් ඔමික්‍රෝන් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.

Related posts

වතුකරයට මහල් නිවාස

Editor O

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිස පාසල් සිසුන්

Editor O

Leave a Comment