දේශීය

වාරියපොළ ප්‍රා.සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවතට

(UTV | කොළඹ) – දිසානායක මුදියන්සේලාගේ තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුව ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත.

2020.01.03 වන දා නිකුත් කර ඇති 2261/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා මේ බව දැනුම් දී තිබේ.

ආණ්ඩුකාරවරයා විසින් සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත්තේ, 2021.06.14 වන දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් සියලු චෝදනාවලට මොහු වැරදිකරු වන බවට තහවුරුවීම හේතුවෙනි.

ඒ අනුව, ආණ්ඩුකාරවරයා විසින් ජනවාරි පළමු වනදා සිට මොහු සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත.

Related posts

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ගැන රජයෙන් හදිසි තීරණයක්

Mohamed Dilsad

පානදුර වෙරළෙන් කාන්තා මළ සිරුරක් හමු වෙයි

Mohamed Dilsad

දඩ කොලේ ගෙදර එවන වැඩේ කරන්න එපා! | බස් සංගම් සභාපති කට අරියි

Mohamed Dilsad

Leave a Comment