දේශීය

සපුගස්කන්ද හෙට සිට යළි වැසේ

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය හෙට (03) සිට යළි වසා දැමෙනවා.

ඒ, විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමේදී මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන්.

තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුල ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කෙරෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 15 වනදා වසා දැමුණු අතර, එය දින 22කට පසු යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 7 වනදායි.

හෙට දිනයේ වසා දැමෙන තෙල් පිරිපහදුව මේ මස අවසානය වනවිට යළි විවෘත කිරීමට හැකියාව පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

Related posts

රැකියා අවස්ථා අනිසි ලෙස භාවිතා කිරීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

ගංවතුරට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සීරුවෙන්

Mohamed Dilsad

Leave a Comment