ක්‍රීඩා

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

(UTV |  ඕස්ට්‍රේලියා) – ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා.

සිඩ්නි හිදි ලබන 05 වනදා ආරම්භවීමට නියමිත අලුබඳුන 04 වන ටෙස්ට් තරගයේදී සමාජ සුභ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද ඔහු සැළසුම් කර තිබුණා.

ඒ ග්ලෙන් මැක්ග්‍රාත් ගේ බිරිඳ වන පියයුරු පිළිකා රෝගයකින් මියගිය ජේන් මැක්ග්‍රාත් වෙනුවෙන් තරගයේ 03 වන දිනය නම් කර තිබිම හමුවේයි.

හිටපු පන්දු යවන්නාගේ තත්වය අසාධ්‍ය නොවන අතර ඔහු මේ වනවිට හුදකලා කර තිබෙනවා.

තරගයේ 03 වන දිනයේ වැඩසටහන් සඳහා ඔහු සහභාගී වනු ඇති බවටද වාර්තා පළවනවා.

Related posts

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලානය ජයගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි

Mohamed Dilsad

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් දුෂ්මන්ත චමීර ඉවතට

Mohamed Dilsad

Leave a Comment