විදෙස්

ඕමික්‍රොන් බලපෑමෙන් ප්‍රංශය දැඩි සීමා පනවයි

(UTV | ප්‍රංශය) –ඕමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම් හමුවේ දැඩි සීමා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා. එම සීමා ජනවාරී 03වනදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව දුරස්ථ භාවය ආරක්ෂා කිරීම අනිවාර්යය කිරීමේ පියවරක් ලෙස නිවසේ සිට රාජකාරී කිරීම යළි අනිවර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම ගෘහස්ථ උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 2,000කට සීමා කිරීමටද තීරණය කර තිබෙනවා. දුර ගමන් ප්‍රවාහනයේදී අතර මග නැවතී ආහාර පාන ගැනීමද තහනම් කර ඇති අතර නැවත දැනුම් දෙනතුරු රාත්‍රී සමාජ ශාලාද වසා දමනු ඇති. කෙසේවෙතත් නව අවුරුදු උදාවේ සැමරුම් වළක්වමින් ඇඳිරිනීතිය පැනවීමක් සිදු නොවන බවයි ප්‍රංශය පවසන්නේ.

ප්‍රංශය මෙම තීරණය ගෙන ඇත්තේ එරටින් වාර්තාවන නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාමත් සමගයි. ඉකුත් සෙනසුරාදා වාර්තා වූ එම අගය කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට ප්‍රංශයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.

Related posts

ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය උණුසුම්

Mohamed Dilsad

ඇමරිකාවේ ළමුන්ටත් කොවිඩ් එන්නතට අවසර හිමිවෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment