දේශීය

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත්

(UTV | කොළඹ) – නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් පත්කරනු ඇතැයි වාර්තාවනවා.

ඔහු මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට මේ වන විට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අනුර දිසානායක පත් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය පී බී ජයසුන්දර යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි නෙත් නිවුස් ඊයේ දහවල් වාර්තා කළේ.

ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා පී බී ජයසුන්දර මීට දින කිහිපයකට පෙර ලිපියක් යොමු කර තිබුණා.

එහෙත් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. ඉන්පසු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පී බී ජයසුන්දර විසින් තවත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාව සහ චීනය අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

බදුල්ලේ පුංචි ආණ්ඩු මන්ත්‍රීවරු රැසක් සජිත් ට සහය පළ කරයි.

Editor O

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

Leave a Comment