විදෙස්

නවදිල්ලියට අද සිට රාත්‍රී ඇඳිරි නීතිය

(UTV |  නවදිල්ලි) – ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද (27) සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය පැනවෙන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 5 දක්වායි.

ගතවූ පැය 24 ක කාලය තුළ නවදිල්ලි නුවරින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 290 කි.

විදෙස් වාර්තා සඳහන් කළේ, එය පෙර දිනයට සාපේක්ෂව16%ක වැඩි වීමක් බවයි.

නවදිල්ලි නුවර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 0.5% කින් ඉහළ ගොස් ඇති අතර එය බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත්තේ එම බරපතළ තත්ත්වය හේතුවෙනි.

Related posts

උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණේ

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 35ක් මරුට

Mohamed Dilsad

යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තාවක්

Mohamed Dilsad

Leave a Comment