දේශීය

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

(UTV | කොළඹ) – යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවිය හැකිබව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අවසන්වරට මෙරටතුල කිරිපිටි මිල ඉහළ දැමීමෙන් පසුව මේ දක්වා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

මෙරට තුළ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව කිරිපිටි ආනයනකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් දැනට පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් අශෝක බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

Related posts

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

Mohamed Dilsad

ජල ගැලීම්වලින් වගා හානි සිදුවූ ඉඩම් පිළිබඳ දැනුම් දෙන්න – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment