දේශීය

බූස්ටර් එන්නත ගත් පිරිස ලක්ෂ 20 ඉක්මවයි

(UTV | කොළඹ) – මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ අධි මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව ගත් පිරිස ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් 185,888 දෙනෙකුට තුන්වන මාත්‍රාව ලබාදීමත් සමගයි.

මේ දක්වා තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2,058,791ක්.

පළමු සහ දෙවන මාත්‍රා දීමෙන් මේ දක්වා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව 13,803,820ක්.

මේ දක්වා භාවිතයට ගෙන ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 31,826,900ක් බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

Editor O

Leave a Comment