ක්‍රීඩා

චැම්පියන්ස්‌ කුසලාන සුදානම ගැන ක්‍රිකට්‌ නායකයා පැහැදිලි කරයි

(උදයම්,මහනුවර )  – චැම්පියන්ස්‌ කුසලාන වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සමඟ එකට වැඩ කිරීමට හැකි වීමෙන් තම කණ්‌ඩායමේ ශක්‌තීන් වැඩි දියුණුකර ගැනීමට හැකි වූ බව ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි.

ඔහු මෙම අදහස්‌ පළ කර සිටියේ මහනුවර පල්ලකැලේදී පැවැත්වෙන පුහුණු පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

‘පහුගිය මාස අටක පමණ කාලයේ ඉඳල අපේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ සහ වෙනත් හේතූන් මත එකට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. මේ පුහුණුවීම්වලදී අපේ ශක්‌තීන් වැඩි කරගන්න පුලුවන් වුණා. මෙහිදී ලැබුණු තාක්ෂණය ඇත්තටම අපේ දක්ෂතා ඉහළ දමා ගැනීමට හැකි වුණා.’ යැයි වැඩි දුරටත් අදහස් දැක්වූ  ඇන්ජලෝ මැතිව්ස්‌ මෙහිදී පැවසුවේය.

පල්ලකැලේ පැවැති පුහුණු සැසිවලදී පන්දු රැකීම පිළිබඳව විශේෂ පුහුණුවීම් මෙන්ම තාක්ෂණය දියුණු කිරීම කෙරෙහිද වැඩි අවධානයක්‌ යොමු කර ඇත.පසුගිය කාලයේදී පන්දු රැකීමේ සිදුවු අඩුපාඩු රැසක් සිදුවූ නිසා එම වැරදි මඟ හරවා ගැනීම එම පුහුණුවීම්වලදී ප්‍රධාන අරමුණ විය.

ලබන 1 වැනිදා සිට 18 වැනිදා දක්‌වා රටවල් අටක සහභාගීත්වයෙන් චැම්පියන්ස්‌ කුසලාන තරගාවලිය එංගලන්තයේදී පැවැත්වේ.

මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබන සති අන්තයේදී එංගලන්තය බලා පිටත්ව යැමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

වසර 32කට පසු රුසියාව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා අතර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය ජනවාරියේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment