දේශීය

මහ මුහුදේදී හෙරොයින් සමග ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට

(UTV | කොළඹ) – පසුගිය 11 වනදා ශ්‍රී ලංකාවට දකුණු දිගින් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 250 නාවික හමුදාව විසින් අද (15) කොළඹ වරායට රැගෙන ආවේ ය.

නාවික හමුදාවට ලද තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව කරන ලද මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900 ක් පමණ දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මෙම ධීවර යත්‍රාව අත්අඩංගුවට ගැනිණ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ධීවර යාත්‍රාවේ පකිස්ථාන සහ ඉරාන ජාතික ධීවරයින් 06 දෙනෙකු සිට ඇත.

නාවික හමුදාව භාරයට ගත් හෙරොයින් තොගය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ වරාය පර්ශ්‍රයේදී මාධ්‍යට විවෘත කළේ ය.

Related posts

අවුරුදු සමයේ දී කොවිඩ් තෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

Editor O

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment