විදෙස්

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටේ

(UTV | තමිල්නාඩු) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටරයෙක් කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.

මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

නමුත් එම යානයේ කිදෙනෙකු සිටියාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.

එම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට හමුදා බලධාරීන්ට නියෝග කර තිබේ.

Related posts

ට්‍රම්ප් හදිසියේ ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවෙයි.

Mohamed Dilsad

අමෙරිකා ජනපති – සෞදි සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

Leave a Comment