දේශීය

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් විකුම් ලියනගේ

(UTV | කොළඹ) – ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ අද (07) දින පත්කරන ලදී.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය හෙබවීය.

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ධූරයට පත්කෙරිණි.

Related posts

ජනාධිපතිවරණයේ දී මධ්‍යස්ථව කටයුතු කරනවා – හිටපු ජනාධිපති චන්ද්‍රිකා

Editor O

නාරාහේන්පිට අත් බෝම්බයක් : විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට

Mohamed Dilsad

මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයි

Editor O

Leave a Comment