විදෙස්

ඔමික්‍රොන් නිසා සියලුම විදේශිකයන්ට ජපානයේ දේශ සීමා වැසේ

(UTV |  ජපානය) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් සියලුම විදේශිකයන්ට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමට ජපානය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා නිවේදනය කලේ හෙමට සිට එය බලාත්මක වන බවයි.

මේ අනුව මෙම මාසය මුලදී ලිහිල් කරන ලද ජපාන දේශසීමා නීති යළිත් දැඩිවනු ඇති.

නව වෛරස් ප්‍රභේදය හමුවේ සමස්ත දේශ සීමා වසා දමන ලද දෙවන රට වන්නේ ජපානයයි.

ඊශ්‍රායලයද පෙරේදා සිට සිය සියලුම දේශ සීමා වසා දැමුවේ නව ප්‍රභේදයේ අවධානම හේතුවෙනුයි.

Related posts

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

Mohamed Dilsad

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

Mohamed Dilsad

කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment