දේශීය

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

(UTV | කොළඹ) – අධිවේගී මාර්ගයන් හි ගාස්තු අය කිරීම ලංකා කිව්.ආර් ගෙවීම් ක්‍රමවේදය හරහා සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

පසුගිය දා මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණෙන්.

ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා ද මෙම කේතය ඉදිරියේදී හඳුන්වා දෙනු ඇති.

ඒ අනුව ජංගම දුරකතනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක ලංකා කිව් ආර් සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති කිව් ආර් කේතය ස්කෑන් කිරීමෙන් අදාළ මුදල් ගෙවීමට හැකියාව ලැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනපති උපදෙස්

Mohamed Dilsad

හිරේ නොයා බෙහෙත් තුණ්ඩු ලියන්නේ කෙසේදැයි, විශේෂඥ දොස්තරලා, ඇමති නලින්දගෙන් අහයි..

Editor O

බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 1000 පන්නයි

Mohamed Dilsad

Leave a Comment