දේශීය

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(UTV | කොළඹ) – තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ කන්කසන්තුරය සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි.

අද (14) රාත්‍රී 10 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති නිවේදනය මගින් පෙන්වා දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ දක්වා වැඩි වන අතර විටින් විට පැයට කිලෝමීටර් 55ක් 60ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් ද පවතිනවා.

මේ පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු අතර අවධානයෙන් කටයුතු කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ අතර අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව වයඹ මධ්‍යම උතුර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

එමෙන්ම දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

Related posts

ආනයනය කෙරෙන මීළඟ බිත්තර තොගය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා 50 % ක් මුද්‍රණය කර අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment